sinhala-website

සිංහලෙන් website එකක් හදන එක සාර්ථකද?

ගොඩක් දෙනෙක්ට වර්ථමානයේ තිබෙන ප්‍රධාන පෙළේ ගැටලුවක් තමයි මේක. සමහරවිට මේ වෙද්දීත් ඔබට විවිධ පිළිතුරු බොහෝ අයගෙන් ලැබිලා ඇති. අතිශයින්ම පෞද්ගලික කතාවක් ඇසුරෙන් තමයි අද මේ ගැන යන්නේ.

මේ කාලයේ බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි sinhalen websites හදලා තේරුමක් නෑ, එහෙම නැත්තන් සිංහල sites වලින් සල්ලි හොයන්න බෑ Adsense ගන්න බෑ වගේ කතා. මං හිතන්නේ ඔබ බොහෝ වෙලාවට අහලා ඇති. බහුතර මතය ඒක වුනත් මන් ආසයි එම බහුතර මතයට පයින් ගහලා පැත්තකට කරන්න. ඒ නිසාම මේක වෙනස් කතාවක් වේවි.

මේ වෙද්දීදිත් බොහෝ විට ඔබ මගේ සිංහල website එකක් වන wigasa.lk දන්නවා ඇති. ඔබ කෙලින්ම මගේ website එකට ඇවිත් මේ ලිපිය කියවන කෙනෙක්නම් කොහොමත් ඔබ දන්නවා ඇති. ඒක ගැන තමයි මං මේ කියන්න යන්නේ. කාරණය wigasa.lk කියන්නේ මේ website එක හදන්න බලාගෙන ගෙන ගත්ත domain එකක් නෙවෙයි. හරියට කරගන්න බැරිවෙලා අතැරලා දාපු website එකකට ගත්ත domain එකක් එකක් මේක. මන් Google Adsense ගැන facebook දාපු post එකක් නිසා නිකමට වගේ හිතුනා website එකකත් දාලා බලන්න, මොකද ඒ වෙද්දී හරිහැටි සිංහල website එකක් google එකේ තිබ්බේ නෑ Adsense සම්බන්දව. ඒ විදියට හරිහැටි සැලසුමක් නැතුව තමයි මේක ආරම්භ වුනේ. ආරම්භයට වඩා අවසානය ගොඩක් වෙනස් කරන්න මන් දැනටමත් කරලා තියෙන්නේ.

මේක ආරම්භ වුනේ 2018 අග භාගයේ, Article කීපයකුත් දැම්මා පුලුවන් වෙලාවට මේකට. එතනින් එහා දෙයක් වුනේ නෑ. කිසිම අදායමක් බලාපොරොත්තුවෙන් කරගෙන ගියා නෙවෙයි මේක. hosting & domain වලට ගෙවන එකත් පාඩුයි එක අතකට. ඒත් මේකෙන් මුදල් ඉපැයුවේ නැති වුනත් සැලකිය යුතු ප්‍රමාණයක් මේ දාපු Article කීපය කියවන්න පටන් අරන් තිබ්බා. ඉතින් organic traffic ටිකක් එන නිසා මට මේක කරගෙන යන්න තරම් හොද සාදාරන හේතුවක් වුණා ඒක. මට ටික ටික ඕන වුණා මේ field එකේ සහ ඊට එහා ගිය බොහෝ දෙනෙක් දන්න brand name එකක් බවට කරන්න මේක. තාම එච්චර දුර ඇවිත් නෑ. තව යන්න තියෙනවා ගොඩක් දුර. මේ දක්වා 100% සාර්ථකයි. website එක අව්රුද්දක් විතර ඔහේ තිබුනත් පස්සේ මට මේක නිකන්ම යන්න දෙන්න ඕන වුනේ නෑ. wigasa.lk මේ වෙද්දී මුදල් උපයන website එකක් බවට පත් වෙලා තියෙනවා. ලොකු ගාණක් නෙවෙයි, ඒත් සැලකිය යුතු ප්‍රමාණයක්, සාපේක්ෂව sinhala blog එකක් නිසා. පහුගිය මාස කීපය තුළ මේකෙන් affiliate marketing වලින් $500+ අදායමක් ලැබිලා තියෙනවා. ඊට අමතර මේකෙන් හැදුනු customers ලාගෙන්, මන් වැඩ භාර අරගෙන SEO, Website design, Adsense වගේ සේවා සැපයීම තුළින් 300,000+ මුදල් උපයලා තියෙනවා මේ වෙද්දී. .මේක එච්චර ගානක් නෙවෙයි business website එකකට. ඒත් මේක එහෙම එකක් නෙවෙයි. සිංහල blog එකක්. නමුත් මේක සති දෙකකට පමණ කලින් සේවා සපන්නාවූ website එකක් බවට යම් යම් දේවල් website එක තුළ වෙනස් කරා. මේක sinhala blog එකක් විදියට දිගටම කරගෙන යනවා, නමුත් මේ වෙද්දී කීප දෙනෙක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා SEO, website design, mobile app development වගේ සේවාවන් සපයන්න. කොහොම නමුත් ඉදරි වසර කීපය ඇතුළත මේ අදායම කීප ගුණයකින් වැඩි කරන්න මන් සැලසුම් සකස් කරලා තියෙන්නේ දැනටම.

මේකෙදි මන් කරපු දේවල්?

වැදගත්ම දේ තමයි මගේ website එකේ content quality එක, සෑම විටම මන් කරණ මාතෘකාවට උපරිම සාදාරණයක් කරන්න මන් වග බලාගත්තා. මගේ target audience එක හොයන් එන දේට මන් හරි ආකාරව පිළිතුරු දුන්නා. මගේ සැළසුම මොනාහරි දෙයක් ලියලා ලාබයක් වාසියක් ලබන එක නෙවෙයි. මන් කරණ Youtube Channel එකෙත් ඒකමයි තියරිය. Video quality එක බැලුවොත්, බලන්නත් කම්මැලි ඇති බොහෝ දෙනෙක්ට, ඒත් content quality එක සමකරන්න අමාරුයි බොහෝවිට කාටවත්. මේ දේ ඇතුළේ මගේ අත්දැකීම් අන්තර්ගතයි. Youtube එකෙන් ගොඩයන්න බලාගෙන ගහන copy content නෙවෙයි. එතන තමයි ඔබ website එකක් කරත් Youtube කරත් හරියාකාරව ගලපගන්න ඕන දේ. ගොඩක් හිතන්න වෙනවා content quality එක ගැන.

අනිත් වැදගත්ම දේ තමයි මන් දේවල් market කරන විදිය, ඔබ ඔබේ audience එක ඔබේ website එකෙන් touch කරන විදිය ඉතාම වැදගත් affiliate marketing හෝ සේවා සපයද්දී. affiliate marketing වලදී අපේ ලින්ක් එකෙන් මිළදී ගන්න කෙනාට ලාබයක් අවොත් මිසක් පාඩුවක් වෙන්නේ නෑ, ඒත් ලංකාව වගේ audience එකක මිනිස්සු හිතා මතාම affiliate links මග ඇරලා direct මිලදී ගන්නවා, ඒක ලොකු පාඩුවක් හොද website එකක් සිංහලෙන් හැදෙන්නේ නැති වෙන්න. කොහෙවත් තියෙන company එකක් ගෙවන commission එකට ගොඩක් අය ලෝබ වෙලා. ඉතින් මේ නිසා ටිකක් ලොකුවට මිනිස්සුන්ව touch කරන්න වෙනවා වගේම හරි දේ market කරන්න වෙනවා ඔබට. අභියෝගයක් තියෙනවා හැබැයි බැරි නෑ කරගන්න.

මේක ඇතුලේ ඔබ කොයිතරම් දුරට නිර්මාණශීලි හා සැලසුම සහගතද යන්න ඉතාම වැදගත් සාදකයන් බවට පත් වෙනවා වෙනවා සාර්ථක වීමේදී. මට වඩා හොදට හිතලා අලුත් දෙයක් කරන්න පුලුවන් වෙයි අනිවාර්යෙන්ම.

සිංහලෙන් website එකක් හදන එක English වලින් කරනවා වගේ සාර්ථක නෑ තාම, හැබැයි මුදල් උපයන්න පුලුවන් නිවැරදි සැලැස්මකට අනුව කරගත්තොත්. Adsense දාන්න බලාගෙන සිංහලෙන් website එකක් හදනවා නම් ටිකක් හිතන්න වෙනවා, මොකද තාමත් සිංහල කියන්නේ Adsense support කරන භාෂාවක් නෙවෙයි.නමුත් ඉදරි වසර කීපය ඇතුළත සිංහල වල Adsense දාන්න දෙයි. දැන්ම හොද traffic එකක් එන website එකක් හදලා තියාගන්න එක එච්චර නරකයි කියන්න පුළුවන් අදහසක් නෙවෙයි.

සිංහල support කරණ වෙනත් ad networks එහෙමත් දැනටත් තියෙනවා. කැමති අය හොයලා බලන්න මන් නම් දන්නෑ කියන්න.

සිංහල website එකකින් මුදල් උපයන්න පුලුවන් තවත් ක්‍රම මොනාද?

කලින් කිව්වා වගේ affiliate marketing පුලුවන්, ගැලපෙන products හොයාගන්න පුළුවන් ඔබේ website content එකට ගැළපෙන්න. ඊට අමතරව referral programs එහෙමත් හොයාගන්න පුළුවන් වෙයි.

website එකට හොදට traffic එනවා නම්, ad spaces sell කරන්න පුලුවන් පහසුවෙන්ම. ඔබේ වෙනත් business එකක් වුනත් promote කරන්න පුලුවන්. වෙනත් සේවාවන් sell කරන්න යොදාගන්න පුලුවන්. ඉතින් මේ වගේ ගොඩක් ක්‍රම ඔබේ හැකියාවේ හැටියට භාවිතා කරන්න පුලුවන්.

තව ඔබට පුලුවන් Guest post backlinks sell කරන්න. මේක පහසුවෙන්ම කරන්න නම්, යම් තාක් දුරට හෝ authority එකක් සහිත හා traffic එකක් එන website එකක් හදාගන්න වෙනවා. ඉතින් මේ විදියට තමයි සිංහල website වලින් වැඩක් කරගන්න වෙන්නේ දැනට. තව දේවල් මතක් වුණොත් පස්සේ update කරන්නම්.

Loading

1 thought on “සිංහලෙන් website එකක් හදන එක සාර්ථකද?”

  1. මොනා වුනත් ගොඩක් වටින අදහස් ටිකක් මේකෙ තියෙනවා. මාත් සිංහල travel site එකක් කරනවා. හොද ලිපි දාලා තියෙනවා ගොඩක්. නමුත් තාම google traffic නෑ….ඒත් වැඩේ අතාරින් නෑ..කරන් යනවා..මේකෙන් හොද motivate එකක් ආවා මට…ස්තූතියි මචන්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!